Kitchen
ඉඟුරු නිසා මඤ්ෙඤාක්කා විස වෙනවාද?
තේ වලට ඉඟුරු දැමීමෙන්, බීමට නොහැකි පැරැණි තේ කොළවල නීරස බව වැළැක්වීමට තේ කඩ හිමියන් උත්සාහ කරනවා. නමුත් ඉඟුරු දැමීම මඟින් තේවලට හොඳ රසයක් බලාපොරොත්තු විය හැකියි.
ඉඟුරුවල සහ තේවලද ප්‍රතිඔක්සිකාරක ගුණය සහිතයි. සීනි අඩුවෙන් දමා ඉඟුරු වැඩියෙන් දැමීම මෙහිදී වැදගත්. ඉඟුරුවලින් තේවල රසයත් ගුණයත් තීව්ර වනවා.
මඤ්ෙඤාක්කා කෑමෙන් පසු ඉඟුරු දැමූ තේ බීමට සුදුසු නැති බවට මතයක් තිබෙනවා. එයට හේතුව මඤ්ෙඤාක්කාවල ඇති විවිධ රසායන ද්‍රව්‍ය ඉඟුරුවල ඇති රසායන ද්‍රව්‍ය සමඟ එක්වී ප්රතික්රියාකර අලුත් සංයෝගයක් ඇතිවීමයි. එය සිරුරට අහිතකර වන අතර ආසාත්මිකතා ඇතිවනවා. නමුත් දැන් වෙළෙඳපොළට එන මඤ්ෙඤාක්කාවල විස ගතිය අඩුව තිබෙනවා. මෙහි සයනයිඩ් විස අඩංගු වන අතර එය කුඩා අංශු මාත්‍රයක් පමණයි. දැන් තිබෙන මඤ්ෙඤාක්කාවල සයනයිඩ් ඉතා අඩු බව කෘෂි විද්‍යාඥයන්ද තහවුරු කරනවා. නමුත් ආසාත්මිකතා ඇතිවිය හැකි බැවින් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසුව ඉඟුරු තේ නොබීමට වගා බලාගැනීම වඩාත් සුදුසුයි.
curtesy :
Asian mirror